FAST NEWS

24×7 Around the Globe

රිතික් මහාභාරතයේ කර්ණා චරිතයට

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් ඉදිරියේදී රූපගත කිරිමට නියමිත රජ්මෞලිගේ ‘මහාභාරතය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ‘කර්ණා’ චරිතයට තෝරාගෙන ඇතැයි වාර්තා වෙයි. අති දැවැන්ත සිනමා නිර්මාණයක් වන මෙහි ඔහු සමගින් දිපිකා පදුකෝන් ප්‍රධාන චරිතයට එකතු වෙන බව තොරතුරු ලැබේ.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාට අමතරව, ප්‍රභස්, අමිතාබ් බච්චන්, කමල් හසන්, අමිර් ඛාන්, අජේ දේව්ගන්, විද්‍යා බාලන්, රාම් චාරන්, අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි, විද්‍යුත් ජමාල්, සෝනු සෝඩ් ඇතුළු ජනප්‍රිය නළුනිළීයන් පිරිසක්ද එකතු වෙන බව දැන ගැනීමට ලැබේ.