FAST NEWS

24×7 Around the Globe

රුහුණු කතරගම වාර්ෂික ඇසල පෙරහර හෙට සිට

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය හෙට ඇරඹෙයි. ඒ සදහා සියලු කටයුතු සුදානම් බව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කියයි. කප් සිටුවීමේ මංගල්‍යයෙන් පසුගිය මැයි 27 වැනිදා ආරම්භ වු පෙරහර මංගල්‍යය ලබන 24 වැනිදා පැවැ්ත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වෙයි.

මංගල්‍යයේ සුවිශේෂි මහ පෙරහර ඇසල පුරපසලොස්වක පොහොය යෙදෙන ලබන 23 වැනිදා වීථීසංචාරය කරයි. ගිණි පැගීමේ උළෙල පැවැත්වෙන්නේ ලබන 20 වැනිදායි. සෞඛ්‍ය හේතු මත මෙවර පෙරහර මංගල්‍යය නැරඹීමේ අවස්ථාව ජනතාවට අහිමි වෙයි. පාද යාත්‍රා වන්දනා ගමනද මෙවර නොපැවැත්වෙයි.

පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණ අපහසුතාවට පත් නොවන්නැයි බස්නායක නිලමේවරයා ප්‍රමුඛ පෙරහර සංවිධායක මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.