FAST NEWS

24×7 Around the Globe

යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයට ඉතාලිය සුදුසුකම් ලබයි

යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලිය සමත් වුණා. ඒ, ස්පාඤ්ඤය සමඟ එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවති අවසන් පූර්ව තරගයෙන් ජයගැනීමත් සමඟයි.

ස්පාඤ්ඤය සහ ඉතාලිය අතර පැවති අවසන් පූර්ව තරගයේදී එකට එකක් ලෙස තරගය සමවීමෙන් අනතුරුව දඬුවම් පහර පහ බැගින් කණ්ඩායම් දෙකටම හිමිවුණා.

ඒ අනුව එය හතරට දෙකක් ලෙස ජයගැනීමට ඉතාලිය සමත්වීමත් සමඟයි ලබන 11 වනදා පැවැත්වෙන යුරෝපා පාපන්දු කුසලාන ශූරතාවලියේ අවසන් මහ තරගයට ඔවුන් සුදුසුකම් ලැබුවේ.

එංගලන්තය සහ ඩෙන්මාර්කය අතර අවසන් පූර්ව තරගය අද පැවැත්වෙන අතර, ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම සමඟ ඉතාලිය අවසන් මහා තරඟයට මුහුණ දෙනු ඇති.