FAST NEWS

24×7 Around the Globe

ඉර්ෆාන්ගේ පුත් බාබිල් සිනමාවට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –   පසුගිය වසරේ මිය ගිය සුපිරි සිනමා නළු ඉර්ෆාන් ඛාන්ගේ පුත් බාබිල් ඛාන් මේ වනවිට අතිශය කර්යබහුල වී සිටියි. ඒ ඔහුගේ කුළුඳුල් බොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටිම හේතුවෙනි.

බාබිල් මෙසේ සම්බන්ධව ඇත්තේ ඔහුගේ පියා වූ ඉර්ෆාන් ඛාන් රඟපෑ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ සෝජිත් සර්කාර්ගේ අලුත්ම චිත්‍රපටය සඳහාය. බාබිල් සෑම දිනකම සිය සමාජ පිටු අලුත් කරන අතර, ඒ ඔහු රූපගත කිරිම් කටයුතුවලදී ලබා ගන්නා ඡායරූප නිකුත් කිරිමෙන් බව සඳහන් වෙයි.