කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් ශ්‍රී ලංකාවට

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් ශ්‍රී ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් , ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

ඔවුන් 06/29 දින දහවල් 01.15 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව , දින 14 ක අනිවාර්ය නීරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කිරීමට , ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත භාර දුන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .