ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකිකයෙකුත්

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකිකයෙකුත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැයි මාසයට අදාළ ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද (08) නිවේදනය කළේය.   

ඊට ශ්‍රී ලංකා නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද ඇතුළත්.

බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රම මෙලෙස නිර්දේශිත නාම අතරට එක්ව ඇත.

ඔහුට අමතරව පාකිස්තානයේ හසන් අලී සහ බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් ද නිර්දේශිත නාම අතරට අයත්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් ඇතුළත් ස්වාධීන මනාප ඇකඩමියක් විසින් ප්‍රේක්ෂක මනාපයන් ද සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය මාසිකව පිරිනමනු ලබයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)