FAST NEWS

24×7 Around the Globe

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට තවත් හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන හේමන්ත දේවප්‍රිය සහ රන්ජිත් මදුරසිංහ යන මහත්වරුන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට නම් කිරීමට යළි පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.  

ඒ අනුව වත්මන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළ යනු ඇති.

පසුගිය අප්‍රේල් මස 08 වනදා නම් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානීත්වය දරනු ලබන්නේ 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසිනුයි.