FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට එකඟ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාතුව අත්සන් කිරීමට එකඟ වී තිබේ.  

ඒ ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවති උණුසුම් සාකච්ජා වට කිහිපයකින් අනතුරුවය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07) හදිසි විධායක රැස්වීමක් කැඳවා තීරණය කර තිබුණේ අද පස්වරු 3.00 ට පෙර ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වසර තුනක ක්‍රිකට් තහනමක් පැනවීමටයි.

එසේම යම් හෙයකින් ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන්නේ නම් වෙනත් ක්‍රීඩකයන් යොදවා එංගලන්ත සංචාරය ඉදිරියට පවත්වගෙන යාමටත් මෙහිදී තීරණය කර තිබුණි.