FAST NEWS

24×7 Around the Globe

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමෙන් වන්දියක් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති ආර්ථික හානිය සඳහා මේ වනවිටත් නෞකාව අයත් සමාගමෙන් වන්දි මුදලක් ඉල්ලා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති, නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ නීතිපතිවරයා හරහා අදාළ වන්දි මුදල ඉල්ලා ඇති බවය.

නෞකාවෙන් සිදුව ඇති පරිසර හානියට අදාළව ද වන්දි මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළාය.