FAST NEWS

24×7 Around the Globe

මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග ක්‍රිකට් නිලවරණයෙන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා භාරදුන් 03 දෙනෙකු තමන් එම තනතුරු සඳහා තරග නොකරන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය

කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග යන මහත්වරුනුයි එලෙස නිලවරණයෙන් ඉවත්වී ඇත්තේ.

ඔවුන් පිළිවෙලින් සභාපති, නියෝජ්‍ය සභාපති සහ ලේකම් ධූර සඳහා නාම යෝජනා ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව වෙත ලිපියක් යවමින් ඔවුන් සිය ස්ථාවරය දන්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිතයි.