FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග ආරම්භක වේලාව සංශෝදනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | බංග්ලදේශය) – ශ්‍රී ලංකාව සහ බංග්ලදේශය අතර පැවැත්වීමට නියමිත තරඟ 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග ආරම්භක වේලාව සංශෝදනය කර ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.   

ඒ අනුව තරඟාවලියේ සියලු තරඟ එරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ කිරීමට නියමිතයි.

මීට පෙර තරඟාවලියේ තරඟ පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව ලබන 23 වනදා ආරම්භ වන එක්දින තරඟාවලියේ තරඟ තුනම මෙරට වේලාවට අනුව පස්වරු 12.30ට ආරම්භ කරනු ඇති.