FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – ශ්‍රී ලංකා සියලු තරඟ එකම ක්‍රීඩාංගණයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග එක් ක්‍රීඩාංගනයකදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.   

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග සහ 20 – 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළේ.

වෙනත් ක්‍රීඩාංගන වෙතට සංචාරය කිරීමේ දී ජෛව ආරක්ෂිත බුබුලට ඇති විය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් සියලු තරග එක් ක්‍රීඩාංගනයකදී පැවැත්වීමට තීරණය කර ඇති බව සදහන්.