FAST NEWS

24×7 Around the Globe

දිමුත්ගේ ඉවත්කිරීමට හරීන් සහ රසලුත් අසතුට පළ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමන්ට සහය දුන් සැමට ස්තූතිය පළකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.    

එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඔහු ඉවත් කර ඇති බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දිමුත් විසින් මෙම සටහන තබා ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට ගෙන ඇති බව කියන තීරණය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය අසතුට පල කර තිබේ.

මීට පෙර ද තමාට එක්දින කණ්ඩායමේ ස්ථානය සහ නායකත්වය අහිමි වන බවට දිමුත් විසින් මේ ආකාරයෙන් ඉඟි පළ කර තිබුණි.

ඒ, බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීයි.

“බලමු කොහොම වෙයිද දන්නේ නෑ තාම කණ්ඩායම තෝරලා නැහැ. ඉතිං අවස්ථාවක් හම්බුණොත් හොදින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙනවා” යනුවෙන් දිමුත් කරුණාරත්න එහිදී සදහන් කළේය.

දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමෙන් සහ නායකත්වයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇති බවට මෙලෙස විවිධ තොරතුරු වාර්තා වී තිබූ නමුත්, ඒ සම්බන්ධයෙන් සහ එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර නොමැත.