FAST NEWS

24×7 Around the Globe

ඩිල්ෂාන් සමග උපුල් තරංගත් එක් වේ

(ෆාස්ට් නිව්ස් |ඕස්ට්‍රේලියා) – ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන දේශීය ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් සමග උපුල් තරංග ද එක්වීමට නියමිතව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව Mulgrave ක්‍රිකට් සමාජය සමග උපුල් තරංග ඔස්ට්‍රේලියාව දී ගිවිසුම් ගත කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 31ක් ක්‍රීඩා කර ඇති උපුල් තරංග එහිදී ශතක 03ක් රැස් කරගෙන ඇති අතර හොඳම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 165ක් වාර්තා කරයි.

Mulgrave ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තිලකරත්න ඩිල්ෂාන් ඉකුත් ක්‍රීඩා වාරයේ විස්සයි 20 තරගාවලියට එක්ව සිටිය අතර ඔහුගේ දක්ෂතා හේතුවෙන් කණ්ඩායම අවසන් මහ තරගය දක්වා ඒමට හැකියාව හිමි වූ බව සඳහන් කරයි.