නිරෝෂන් දික්වැල්ල ලෝකෙන්ම අංක එකට

නිරෝෂන් දික්වැල්ල ලෝකෙන්ම අංක එකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ අංක 07 පිතිකරණ ස්ථානයේ පන්දුවට පහර දෙන පිතිකරුවන් අතරින් අවසන් වසර තුන තුළ ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින පිතිකරුවා බවට පත්වීමට නිරෝෂන් දික්වැල්ල සමත්ව ඇත.   

ඒ, මීට පෙර අවසන් වසර 3 තුළ අංක 7 ස්ථානයේ පන්දුවට පහර දෙමින් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරුවා වූ ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් දෙවන ස්ථානයට පත් කරමින්.

බංග්ලාදේශයට එරෙහිව මේ දිනවල පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30) දිනය නිමා වන විට ද ඔහු පන්දු 64 කදී නොදැවී ලකුණු 64 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ අර්ධ ශතක 18 ක් සමගින් ඉනිම 79 කදී ලකුණු 2,406 ක් රැස්කර ගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත්ව ඇත.

CATEGORIES

COMMENTS

Wordpress (0)