FAST NEWS

24×7 Around the Globe

වැටුප් කප්පාදුව නිසා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර මත ගැටුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බංග්ලාදේශය සමඟ ක්‍රිකට් තරඟාවලිය අවසන් වූ විගස ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් සම්බන්ධයෙන් පවතින ගැටළුව අවසන් කිරීම පිළිබඳව ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් යන දෙපාර්ශවයම එකඟත්වයකට පැමිණ සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.  

ඒ, ක්‍රිකට් ආයතනය සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර කොන්ත්‍රාත් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳ පළවූ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වෙයි.