FAST NEWS

24×7 Around the Globe

අල්ලූ අර්ජුන්ටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ජනප්‍රිය තෙළිඟු නළුවෙක් වන අල්ලූ අර්ජුන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.  

තමන් මේ වන විට කොවිඩ් සඳහා වූ සියලු පියවර ගනිමින් නිවසේ නිරෝධායනය වී සිටින බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වා තිබේ.

එමෙන්ම තමාව පසුගිය දින කිහිපය තුළ හමු වු අය සිටී නම් ඔවුන්ට ද කොවිඩ් වෛරසය හඳුනා ගැනීම සඳහා වූ පරික්ෂණවලට ඉදිරිපත් වන ලෙස අල්ලූ අර්ජූන් සඳහන් කර තිබේ.

සියලු දෙනාටම නිවසට වී සිටින ලෙසත්, අවශ්‍ය සෞඛ්‍ය උපදේශන පිළිපදින ලෙසත් වෛරසය සඳහා ලබාදෙන එන්නත ලබාගන්න ලෙසත් ඔහු විසින් ඉල්ලීමක් කර ඇත.