FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉදිරියේදී ඔලිම්පික් පදක්කමක් ගැනීමේ අවස්ථාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබූ අතර අදාළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙසින් ඉදිරියේදී පන්දුවාර 10 ආකෘතියෙන් යුත් ක්‍රිකට් ක්‍රීඩාව ඊට ඇතුළත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.   

අන්තර් ජාතික ඔලිම්පික් සම්මේලනයත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කර ඇත.

එහිදී ලොව ප්‍රමුඛතම ක්‍රිකට් පරිපාලන මණ්ඩල ලෙසින් සැලකෙන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ අන්තර් ජාතික ඔලිම්පික් සම්මේලනයේ නිලධාරීන් අතර පසුගිය දිනක පැවැත්වූ සාකච්ඡා වටයක ප්‍රතිඵලයක් ලෙසින් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔලිම්පික් උළෙලේදී යොදා ගැනීමට අදාළ තරග රටාව (ටෙස්ට්, එක්දින, විස්සයි-20 හෝ පන්දුවාර 10) සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිත බව සඳහන්.