FAST NEWS

24×7 Around the Globe

වෝනර් සහ එල්ගර් ද අභිබවා යමින් දිමුත් ලෝකෙන්ම එක වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය වසර 5 ක කාලය තුළ ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ආරම්භක පිතිකරු බවට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පත්ව ඇත. 

ඔහු එම කාලය තුළ ලකුණු 3,114 ක් රැස් කර ගෙන ඇත්තේ ශතක 7 ක් ද සමගින්.

ලකුණු 3,011 ක් ලබාගෙන ඇති දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගර් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් මෙම ලැයිස්තුවේ පසුවන්නේ තෙවැනි ස්ථානයේයි.

ඒ, ශතක 8ක් සමගින් ලකුණු 2,794ක් රැස් කරමින්.