FAST NEWS

24×7 Around the Globe

ක්‍රියාදාම චිත්‍රපටවලින් ගාල් ගැඩොට් ඉවත් වෙයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – සිය තෙවෙනි දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් සිටින සුපිරි හොලිවුඩ් සිනමා නිළි ගල් ගැඩොට් දෙවසරක කාලයක් හොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත්විමට බලාපොරොත්තුවෙන බව පවසා තිබේ.   

එමෙන්ම දරුවා ලැබිමෙන් පසුව වසර කිහිපයක් යනතුරු ක්‍රියාදාම චිත්‍රපට සඳහාද එක් නොවිමට ඇය සැළසුම් කර ඇත.

කෙසේ වෙතත්, මේ වනවිටත් ඇය ‘වොන්ඩර් වුමන්’ තුන්වැනි චිත්‍රපටය සඳහා අත්සන් කර තිබෙන බව දැන ගැනීමට ලැබේ. කෙසේ වෙතත්, ‘වොන්ඩර් වුමන්’ තුන්වැන්න තවමත් කෙදිනක ප්‍රදර්ශනය වනවාද නැද්ද තිරණය කර නොමැති බව වාර්තා වෙයි.