FAST NEWS

24×7 Around the Globe

2000 මුල්දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විස්ඩන් සඟරාව 2000 මුල් දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ.  

මුරලිදරන් එම දශකය තුළ කඩුලු 335 ක් දවාගැනිමින් දශයකදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස ද වාර්තාවක් පිහිටුවා තිබුණි.

මුත්තයියා මුරලිදරන් 2010 වසරේ ටෙස්ට් කඩුලු 800 ක් දවාගනිමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස නව වාර්තාවක් ද පිහිටුවීය.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම අන්තර්ජාතික කඩුලු ලාභියා ද වන මුරලිදරන් එක්දින ජාත්‍යන්තර 534 ක් ද දවාගැනීමට සමත් විය. මුරලිදරන් 2011 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.