FAST NEWS

24×7 Around the Globe

IPL ඊයේ තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස්ට ලකුණු 10 කින් ජය

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – IPL තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ළකුණු 10 කින් පරාජය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.    

චෙන්නායි හිදී පැවති තරගයේ මුලින් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් බිඳවැටී ලබාගත් ළකුණු ගණන 187 ක්. නිතිෂ් රයිනා 80 ක්ද රාහුල් ත්‍රිපති 53 ක්ද රැස්කළහ.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල හයිද්‍රාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලබාගත්තේ ළකුණු 177 ක් පමණයි.

මනීෂ් පාණ්ඩේ 61 යි. ජොනී බෙයාර්ස්ටෝ 55 යි.

IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් සහ පන්ජාබ් කිංග්ස් අතර තරගය අද මුම්බායි හිදී පැවැත්වෙයි.