FAST NEWS

24×7 Around the Globe

පරේෂ් රාවල්ටත් කොවිඩ්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ජනප්‍රිය බොලිවුඩ් සිනමාවේදී පරේෂ් රාවල් මේ වනවිට ‘කොවිඩ්’ ආසාදිතයෙකු බවට පත්ව ඇත.  

ඔහු ඒ බව සිය ‘ටිවිටර්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබේ. ඔහු පවසන්නේ තමන් සමග මීට දින දහයකට පෙර සමිපව ඇසුරු කළ සැම දෙනා ඉතා ඉක්මණින් ‘කොවිඩ්’ පරික්ෂාවන් සිදු කරගන්නා ලෙසය.

කෙසේ වෙතත්, වාර්තාවන අන්දමට ඉන්දියාවෙන් නිෂ්පාදනය කළ ‘කොවිඩ්’ එන්නත විඳිමෙන් පසුව පරේෂ්ට ‘කොවිඩ්’ රෝගය වැළඳි තිබෙන බවය. පරේෂ් මේ වනවිට සිය නිවසේ ස්වයං නිරෝධානය වෙමින් සිටින බව වාර්තා වෙයි.