FAST NEWS

24×7 Around the Globe

සුප්‍රකට විස්ඩන් සඟරාවට ඇතුළත් වූ පැතුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක ටෙස්ට් ශූරතාවලිය අතරතුර ටෙස්ට් වරම් හිමිකරගත් ක්‍රීඩකයන් අතුරෙන් හොඳම ක්‍රීඩකයන් 11 දෙනා නම් කිරීමට සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් කටයුතු කර ඇත.   

එලෙස ඔවුන් නම් කළ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ කෝඩුකාරයන් 11 දෙනා අතර ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක ද ඇතුළත් වීම විශේෂත්වයක්.

තවමත් 22 වන වියේ පසුවන පැතුම් නිස්සංක මේ දිනවල කොදෙව් දූපත්හී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගයේ දෙවන ඉනිමේදී විශිෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට සමත්විය.

විස්ඩන් සඟරාව නම් කල මෙවර ලෝක ටෙස්ට් ශූරතාවයේදී ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයන් අතරින් හොඳම ක්‍රීඩකයන් 11 දෙනා ,

01. අබීඩ් අලී (පාකිස්තානය)

02. ෂුබ්මන් ගිල් ( ඉන්දියාව )

03. න්ක්රුමහ් බෝනර් (Nkrumah Bonner)

04. පැතුම් නිස්සංක ( ශ්‍රී ලංකාව )

05. ක්යිල් මේයර්ස් ( කොදෙව් දූපත් )

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 3 යි. ලකුණු 358 යි. සාමාන්‍ය 71.6 යි. ඔහු ශතක 1 ක් සහ අර්ධ ශතක 1 ක් වාර්තා කර ඇත. ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 210* යි.

06. ජොශුවා ද සිල්වා ( කොදෙව් දූපත් )

07. රකීම් කෝන්වෝල් ( කොදෙව් දූපත් )

08. අක්සාර් පටෙල් ( ඉන්දියාව )

09. ක්යිල් ජෙමීසන් ( නවසීලන්තය )

10. ජොෆ්රා ආචර් ( එංගලන්තය )

11. අන්රිච් නොකියා ( දකුණු අප්‍රිකාව )