FAST NEWS

24×7 Around the Globe

මානසික වශයෙන් ශක්තිමත් සමාජයක් රට තුළ ගොඩනගන බව ක්‍රීඩා ඇමති කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කායික හා මානසික වශයෙන් ශක්තිමත්, තම වගකීම හඳුනාගත් ජන සමාජයක් රට තුළ ගොඩනැගීම සිය අමාත්‍යංශයේ අරමුණ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඵෙතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් පැවති “යොවුන් ශීල සමාධි” වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

එහි දී සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ අටවිසි බෝධීන් වහන්සේලා රෝපණයට එක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ‘වන අරණ ව්‍යාපෘතිය” ඔස්සේ ප්‍රදේශයේ ජනතාවට පැළ බෙදා දුන්නේය.