FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.   

තරගය ජය ගැනීමට කොදෙව් පිළට දෙවන ඉණිමේදී හිමිවූ ඉලක්කය ළකුණු 375 ක්.

එහෙත් 05 වන දිනය නිමා වනවිට කොදෙව් පිළ කඩුලු 04 ක් දැවී ලබා සිටියේ ළකුණු 236 ක් පමණයි.

තරගයේ වීරයා වූ කෲමා බොනර් නොදැවී 113 යි.

විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 02 බැගින් බිඳහෙලුවා. ශ්‍රී ලංකා පළමු ඉණිම සියල්ලන් දැවී 169 යි.

කොදෙව්වන් සිය පළමු ඉණිම වෙනුවෙන් සියල්ලන් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 271 ක්.

ශ්‍රී ලංකා 02 වන ඉණිම 476 යි.

දෙරට අතර 02 වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 29 වනදා ඇන්ටිගා හිදී ආරම්භවීමට නියමිතයි.