FAST NEWS

24×7 Around the Globe

වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල 27 වනදා ඇරඹෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සජීවී කලාවක් උදෙසා “වේදිකාවෙන් මහපොළොවට” කෙටි නාට්‍ය උළෙල 2020/21හි අවසන් වටය 2021 මාර්තු මස 27, 28 හා 29 යන දිනයන්හී දී ප.ව. 6.00 සිට විශ්වවිද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.    

මෙවර නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා කෙටි නාට්‍ය 10 ක් නියෝජනය කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව විසින් මෙම කෙටි නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.