FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් ආසාදිත බොලිවුඩ් තරු අතර අමීර් ඛාන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුපිරි බොලිවුඩ් නළු අමිර් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඔහුගේ කළමනාකරු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.   

මේ වන විට අමීර් ඛාන් සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වෙයි.

තමන් හා ඇසුරු කළ පුද්ගලයින්ට සහ සිය කාර්ය මණ්ඩලයට හැකි ඉක්මනින් කොවිඩ් පරීක්ෂණයකට ලක්වන මෙන්ද අමීර් ඛාන් ඉල්ලා සිටියි.