FAST NEWS

24×7 Around the Globe

කොදෙව් පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 153 ක් ඉදිරියෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකාව ඊයේ දිනට තරගය නතරකරනවිට කඩුලු 4ක් දැවී ලකුණු 255ක් රැස්කිරීමට සමත් විය.   

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 91 ක්ද ළහිරු තිරිමාන්න ලකුණු 76 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා දෙවෙනි ඉණිම ශක්තිමත් කිරීමට සමත් විය.

පළමු ඉනිම සඳහා කොදෙව් කණ්ඩායම සියල්ලන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 271ක්.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුනු 169ක් රැස්කර තිබූ අතර ඒ අනුව ශ්‍රීලංකා කණ්ඩායම මේවනවිට බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 153 ඉදිරියෙන් පසුවෙයි.

කොදෙව් පළමු ඉනිමේදී සුරංග ලක්මාල් ලකුණු 47කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.

අද තරගයේ තෙවන දිනයයි.

ඇන්ටිගා හී නෝර්ත් සවුන්ඩ් ක්‍රිඩාංගණයේදීයි තරඟය පැවැත්වෙයි.