FAST NEWS

24×7 Around the Globe

ඔස්කා සම්මාන උළෙලට දින නියම වෙයි

(ෆාස්ට් නිව්ස් |ඇමරිකාව) – වාර්ෂිකව පවත්වන ලෝ ප්‍රකට සිනමා සම්මාන උළෙලක් වන ‘ඔස්කා’ හෙවත් ඇකඩමි සිනමා සම්මාන උළෙල එළැඹෙන අප්‍රේල් 25 වැනිදා ඇමෙරිකාවේ කැලීෆෝනියා හි ‘ඩොල්බි’ ශාලාවේදි 93 වැනි වතාවටත් පැවැත්වේ.   

පසුගිය වසරේ ප්‍රදර්ශනය වූ හොලිවුඩ් චිත්‍රපට 86ක් අතරේ දක්ෂතා දැක්වූ කලාකරුවන් අතරේ මෙම සම්මාන බෙදි යාමට නියමිතව ඇත .

වාර්තා වන අන්දමට මෙම සම්මාන උළෙල නිර්දේශයන් පසුගියදා සුපිරි බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා හා ඇයගේ සැමියා වන හොලිවුඩ් සිනමා නළු මෙන්ම ඇමෙරිකානු පොප් ගායක නික් ජෝනාස් විසින් ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.