FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ක්‍රීඩකයින්ට 40%ක දඩයක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නැවත වරක් දඩ නියම කර ඇත.

ඒ, එංගලන්තය සමග අහ්මදාබාද්හි පැවැති 5 වන 20-20 ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට නියමිත කාලය නිමා වන විට පන්දුවාර 2ක් යවා නිමා කිරීමට හැකියාව ලැබී නොමැත.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

තරග තීරකවරයා ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් විසින් මෙම දඩ පැනවීම සිදු කර ඇත.