FAST NEWS

24×7 Around the Globe

කත්‍රිනාගේ නංගි ඉසබෙලා බොලිවුඩ් සිනමාවට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – බොලිවුඩයේ සිටින සුපිරි නිළියන් අතරේ ප්‍රමුඛ තැනක් දිනාගෙන සිටින කත්‍රිනා කයිෆ්ගේ නැඟණිය ඉසබෙලා කයිෆ් මේ වනවිට බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ බූෂන් කුමාර් විසින් නිෂ්පාදනය කරන ‘ටයිම් ටූ ඩාන්ස්’ චිත්‍රපටය හරහාය.

වාර්තා වන අන්දමට ඉසබෙලාට බොලිවුඩ් සිනමාවට පිවිසිමට අතදී ඇත්තේ කත්‍රිනා කයිෆ්ගේ හිටපු පෙම්වතා වන සුපිරි නළු සල්මාන් ඛාන් බව වාර්තා වෙයි.

‘ටයිම් ටූ ඩාන්ස්’ චිත්‍රපටයේ ඉසබෙලා පෙනී සිටින්නේ සල්මාන්ගේ සමිපතමයෙකු වූ පුල්කිට් සම්රාත් බව වාර්තා වෙයි.