FAST NEWS

24×7 Around the Globe

යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි අරඹයි

(ෆාස්ට් නිව්ස් | යුරෝපය) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම යළි ආරම්භ කිරීමට යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් තීරණය කර ඇත.   

ඒ අනුය ජර්මනිය , ප්‍රංශය , ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවල් ඊට අයත්.

යුරෝපා සංගමයේ ඖෂධ නියාමනය විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා – සෙනෙකා කොරෝනා වෛරස් එන්නත ආරක්ෂිත සහ ක්‍රියාකාරී එන්නතක් බවට සහතික කර ඇත.

ඒ, එන්නත ලබාදුන් පුද්ගලයන්ට ලේ කැටිති ඇතිවන බවට පළවූ වාර්තාවලින් පසු සිදුකළ ඇගයීමකින් අනතුරුවයි.

මේ හේතුවෙන් යුරෝපා සංගමයේ රටවල් 13 ක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවනු ලැබීය.

කෙසේ නමුත් යුරෝපා සංගමයේ ඖෂධ නියාමනය සිදුකළ නව ඇගයීමේදී අනාවරණ වී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් එන්නත ලබාදීමෙන් එලෙස අනතුරුදායක ලේ කැටිති ඇතිවන්නේ යැයි සාක්ෂි නොමැති බවයි.