FAST NEWS

24×7 Around the Globe

දින තුනක සිනමා වැඩමුළුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිනමාවේදී විමුක්ති ජයසුන්දර මෙහෙයවන අනුභූතී උත්තර සිනමා වැඩමුළුව එළඹෙන අප්‍රේල් 02 දා ආරම්භවීමට නියමිතය. එය 02, 03, 04 යන තෙදින පුරා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සිනමාත්මක රූපය, සිනමාත්මක ගැඹුර, සිනමාත්මක සිතීම සහ සංකල්පගත කිරීම, තාක්ෂණික සිනමා සංරචනය සහ සිනමාත්ම ශබ්ද සංකලනය මෙම වැඩමුළුවේදී සාකච්ඡා කිරීමට අපේක්ෂිත විෂයන් ය.

සිනමාව පිළිබඳ රුචිකත්වයක් දක්වන සහ හැදෑරීමට කැමති පුද්ගලයන් හට මෙම වැඩමුළුවට සම්බන්ධ වීමේ හැකියාව පවතියි.