FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද තීරණාත්මක තරගයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – Road Safety World Series තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන තීරණාත්මක තරගයක් අද (14) පැවැත්වෙයි.

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7ට රායිපූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය වන්නේ ද මෙම තරගයයි.