FAST NEWS

24×7 Around the Globe

ගුවන් විදුලියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වැන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.   

නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ සංස්ථාව සතු ඉඩමක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව බදු දීම සංස්ථාව සතු සංඛ්‍යාත අනුමැතියකින් තොරව වෙනත් පාර්ශවයකට පැවැරීම ඇතුළු චෝදනා කීපයක් හේතුවෙන් ඇමැතිවරයා මෙම දැනුම් දීම කර ඇතැයි ද එම වාර්තාවල දැක්වෙයි.