FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංගට දෙවන තැන හිමී  වෙයි 

අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ තැඹිලි පැහැති හිස් වැසුම දිනා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඬේවිඞ් වෝනර් සමත් වුණා.
එ් මෙවර තරගාවලියේදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්. තරග 14කදී ඔහු රැුස්කර ගත් ලකුණු සංඛ්‍යාව 562ක් වනවා.

අයි පී එල් තරගාවලියේ වැඩිම කඩුලූලාභියාට පිරිනැමෙන දම් පැහැති හිස් වැසුම මෙවර දිනා ගත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඞ්වේන් බ‍්‍රාවෝ විසින්. තරග 16කදී කඩුලූ 26ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.

මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංගට දම් පැහැති හිස්වැසුම අහිමි වූයේ කඩුලූ දෙකකින්. මෙවර තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර දෙවැන්නා වූ ඔහු තරග 14කදී කඩුලූ 24ක් දවා ගෙන සිටියා.

මෙවර අයි පී එල් තරගාවලියේ දී වාර්තා වූ මුළු හයේ පහර සංඛ්‍යාව 692ක්. ඉන් හයේ පහර 38ක්ම එල්ල කර තිබුණේ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ කි‍්‍රස්ගේල් විසින්. එම සටහනේ දෙවන ස්ථානය මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කළ කීරන් පොලාර්ඞ්ට හිමි වුණා. ඔහු තරග 16කදී එල්ල කළ හයේ පහර සංඛ්‍යාව 28ක්.

මේ අතර මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. අවසන් මහ තරගයේදී ඔවුන් හමුවේ පරාජය වූයේ මහේන්ද්‍ර සිං දෝනිගේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.