FAST NEWS

24×7 Around the Globe

මිලියන 9 ක ‘ඉන්ටර්ග්‍රැම්ස්’ රසිකයන් සමග සතුට සමරන බිපාෂා [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – සිය සැමියා වූ කරන් සිං ගෝවර්ගේ 38 වැනි උපන්දිනය සමරන්නට මාලදිවයිනට ගිය බොලිවුඩ් සිනමා නිළි බිපාෂ බාසූ එහිදි ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට මිලියන 9 කට ආසන්න රසික පිරිසක් සිටින සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කර ඇත.   

එමෙන්ම සිය සැමියාගේ උපන්දිනය සමරන විඩියෝවක්ද ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළකොට ඇති අතර, එය පෙබරවාරි 26 වැනිදා දිනට නරඹලා ඇති පිරිස එක් ලක්ෂ විසිහයදාහක් වී තිබුණි.

බිපාෂා හා කරන් සිං දෙදෙනා දින හයක කාලයක් මාලදිවයින දූපත්වල විනොදයෙන් ගතකර ඇති අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.