FAST NEWS

24×7 Around the Globe

LPL තරඟ පාවාදීමේ සිද්ධියකට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දී වාර්තා වූ තරඟ පාවාදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෙට (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කැඳවා ඇත.    

ඒ, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය කළ පැමිණිල්ලකට අනුවයි.

අදාළ සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට සහාය නොදැක්වීම හේතුවෙන් මෙම ක්‍රීඩකයා මෙලෙස අධිකරණය හමුවට කැදවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.