FAST NEWS

24×7 Around the Globe

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකා – කොදෙව් සංචිතයේ වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු කිරීමට මේ වන විට කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වෙයි.   

ඒ අනුව විශ්ව ප්‍රනාන්දු හෝ සුරංග ලක්මාල් සංචිතයට එක් වනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය තරග සංචාරයට බාධාවක් නොවනු ඇති බව ද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා පවසයි.