FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල වයිකින්ග් හිමිකරු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ හිමිකරු බොලිවුඩ් නලු සචින් ජෝෂි ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.   

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද(18) දිනය දක්වා එරට ආර්ථික නීති බලාත්මක කිරීම සහ ආර්ථික අපරාධවලට එරෙහිව කටයුතු කිරීම සඳහා වගකිව යුතු නීති බලාත්මක කිරීමේ ආයතනයක් සහ ආර්ථික බුද්ධි ඒජන්සියක් වන Enforcement Directorate (ED) භාරයේ රඳවා ඇති බව ද සඳහන්.