FAST NEWS

24×7 Around the Globe

යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට ඊයේ දිනයේ පෙනී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 31 දෙනාගෙන් 04 දෙනෙකු එම පරීක්ෂණයෙන් අසමත් වී තිබේ. 

මෙලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී ඇත්තේ කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ දිල්රුවන් පෙරේරායි.

අදාළ ක්‍රීඩකයින් සිව්දෙනාට ඉදිරි දිනකදී නැවත වරක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටින ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත.

මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදීයි.

එහිදී ක්‍රීඩකයින්ට කිලෝමීටර් 2 ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35 කින් දිවීමේ අභියෝගයක් ලබා දී ඇත. එම පරිසාධන මට්ටම ඉහළින්ම පසු කර ඇත්තේ දුෂ්මන්ත චමීරයි.