FAST NEWS

24×7 Around the Globe

එ.බි ඩිවිලියර්ස්ට නම් රැසක් පට බැඳෙයි

AB de Villiers යනු වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සිටින විශිෂ්ටතම පිතිකරුවා ලෙස සැලකිය හැකි ය.

ඊට හේතුව ඔහු ටෙස්ට්, එක්දින සහ පන්දු වාර 20 යන සියලු වර්ගයේ ක්‍රිකට් තරගවලදී එකසේ දක්ෂතා දැක්වීම ය.

ඔහු ටෙස්ට් තරග ටෙස්ට් තරග ලෙස ත්, සීමිත පන්දු වාර තරග ඊට ගැලපෙන ලෙස ත් ක්‍රීඩා කිරීමට උපන් හපනෙකි.

පන්දු 31කදී ලකුණු 100ක් වාර්තා කරමින් ලොව වේගවත් ම එක්දින ශතකය වාර්තා කිරීමට ද ඔහු සමත් විය.

ලොවක් ආදරය කරන මෙම විශිෂ්ටයාට ආදරණීය නම් කිහිපයක් පට බැඳී තිබේ.

* Mr. 360
* Mr. Awesome
* Mr. Consistent

Mr. 360 යන නාමය ඔහුට පට බැඳී ඇත්තේ, පන්දුවට පහර දීමේදී ඔහු පිත්ත හසුරුවන අංශක ගණන පිළිබඳව කිසිවෙකුට සිතාගත නොහැකි නිසා විය හැක.

මෙම නමින් යුත් Facebook පිටුවක් ද මේ වන විට සකසා තිබේ.

Mr. 360 fb

පන්දු කුමන් දිශාවකින් පැමිණිය ද එය තමන්ට අවශ්‍ය දිශාවෙන් 6 සීමාව පසු කර යැවීම ඩිවිලියර්ස්ට දුෂ්කර කටයුත්තක් නොවේ.

Mr. Awesome යනු ඔහුගේ විස්මයජනක පිතිකරණය පිළිබඳව සැලකිල්ලට ගෙන පටබඳින ලද නාමයකි.

Mr. Consistent යන සුරතල් නාමය ද ඒබී ඩිවිලියර්ස්ට කදිමට ගැලපෙන නාමයකි.

ඔහු පිතිකරණයේ නියැළෙන විට ප්‍රදර්ශනය කරන ස්ථාවරත්වය ඊට හේතුව යි.