FAST NEWS

24×7 Around the Globe

රජීව් කපූර් ජීවන ගමනට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –  බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි පවුලක් වන කපූර් පවුලේ සාමාජිකයකු වන නළු රජිව් කපූර් අභාවප්‍රාප්ත වී ඇත.   

චිත්‍රපට නිෂ්පාදකයකු සහ අධ්‍යක්ෂවරයකු වන රජිව් කපූර් ඉන්දීය සිනමාවේ විශිෂ්ටතම රංගධරයා ලෙස සැලකෙන රාජ් කපූර්ගේ බාල පුතුණුවන් ද වේ. ඔහු රන්දීර් කපූර් සහ රිෂි කපූර්ගේ සොහොයුරාද වේ. රජිව් කපූර් මිය යන විට 58 හැවිරිදි වියේ පසුවිය.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති රජිව් කපූර් ඉන්ලක්ස් රෝහලේදී මරණයට පත්ව ඇත. රජිව් කපූර් ඉන්දීය සිනමාවට සම්බන්ධ වූයේ 1983 වසරේ දී ය. ‘‘ඒක් ජාන් හයින් හම්’’ඔහුගේ මුල්ම චිත්‍රපටය විය.

ඔහු වඩාත් ජනප්‍රිය වූයේ 1985 වසරේ තිරගත වූ ‘රාම් තේරි ගංඟා මයිලි’ චිත්‍රපටයෙනි.