FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (11) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හමුවට කැඳවා ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.    

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිළිබඳව විමර්ෂණය කිරීමට නියමිතය.

මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර කමිටුව හෙට පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට කටයුතු යොදා ඇත.