FAST NEWS

24×7 Around the Globe

කෝටි 7ක් ගෙවා ප්‍රියංකා චොප්රාගේ නිවස ජැකලින් මිලදී ගනියි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ජනප්‍රිය ඉන්දිය නිළි ප්‍රියංකා චොප්රාගේ නිවසක් Jacqueline Fernandez ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.     


මුම්බාහි පිහිටා ඇති එම නිවස රුපියල් කෝටි 7 කට ගෙන ඇති බව ද එම මාධ්‍ය වාර්තා පවසයි.

2018 වසරේදී Nick Jonas සමග විවාහ වීමෙන් අනතුරුව සිය සැමියා සමඟ ප්‍රියංකා චොප්රා ඇමරිකාවේ පදිංචියට යාමට කටයුතු කළාය.

මේ හේතුවෙන් අදාළ නිවස විකුණා දැමීමට ඇය කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබුණි.