FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් දේශයේ සංචාරය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.   

ඒ අනුව කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 20 වනදා බටහිර ඉන්දීය කොදෙව් බලා යෑමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා මූලික සංචිතය ස්වයං නිරෝධායනයට යොමුකෙරුණි.

මේ අතර පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකුගේ විවාහ උත්සවය ට ළහිරු තිරිමාන්න සහභාගී වී තිබේ.

ඊට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් එක්වී ඇති අතර ඔවුන්ට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ.