FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක්

(ෆාස්ට් නිව්ස් | බටහිර ඉන්දියාව) – ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක් මතුව ඇත. 

ඒ, මිකී ආතර්ට සහ ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

කොදෙව් තරග සංචාරය සදහා නම් කෙරුණු ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සදහා ඉකුත්දා සිදු කළ PCR පරීක්ෂණයේ දී ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.