FAST NEWS

24×7 Around the Globe

2021 වසරේ IPL තරගාවලිය පැවැත්වෙන රට තීරණය කරයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – මෙවර IPL තරගාවලිය ඉන්දියාවේ දී ම පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.  

IPL තරගාවලියේ 14 වැනි තරග වාරය මෙම වසරේ අප්‍රේල් දෙවැනි සතියේ දී පමණ ආරම්භ වීමට සැලසුම් කර ඇති අතර, ජූනි මුල් සතියේ දී තරගාවලිය නිමා වනු ඇති.

මීට අමතරව අසන්ත ද මෙල් මහතාගේ ඉවත්ව යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුර සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත්වීමට වැඩි ඉඩක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.