FAST NEWS

24×7 Around the Globe

මියන්මාර පාලනය යුධ හමුදාව අතට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | මියන්මාරය) – ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මියන්මාරය යළි හමුදා පාලනයකට නතුව ඇත.   

අද අළුයම අවුන්සාන් සුකී ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ හමුදාවේ ඉල්ලීම නොතකා පසුගිය මහ මැතිවරණය ජය ගැනීමෙන් පසුව ජාතික ලීගයට බලය හිමි පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩය පළමු වරට රැස්වීමට උත්සහ කිරීමයි.

අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත.